• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අප්‍රිකානු ආසියානු ග්‍රාමීය සංවර්ධනය සංවිධානයේ (AARDO) දායක මුදල් ගෙවීම
- 1962 දී පිහිටුවා ගනු ලැබූ අප්‍රිකානු ආසියානු ග්‍රාමීය සංවර්ධන සංවිධානයෙහි (Africa - Asian Rural Development Organization) ප්‍රධාන අරමුණ වනුයේ තිරසර කෘෂිකාර්මික හා ග්‍රාමීය සංවර්ධනයක් සඳහා වන අවස්ථාවන් සහ සාමූහික ප්‍රයත්නයන් සොයා බැලීම සහ ප්‍රශ්න හා ගැටලු සම්බන්ධයෙන් සාමාජික රටවල් අතර මනා අවබෝධයක් ඇති කිරීමයි. ශ්‍රී ලංකාව 2013 වසරේදී මෙම සංවිධානයේ නිත්‍ය සාමාජිකත්වය ලබාගෙන ඇත. එම සංවිධානයේ නිත්‍ය සාමාජිකයකු වීම නිසා ශ්‍රී ලංකාවට ලබා ගත හැකි ප්‍රතිලාභ සැලැකිල්ලට ගෙන එම සංවිධානයට ගෙවිය යුතු වාර්ෂික දායකත්ව මුදල ගෙවීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.