• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි පශු සම්පත් හා කෘෂි ව්‍යාපාරික (පුද්ගලික) සමාගම රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙකු සම්බන්ධ කරගැනීම (PUBLIC PRIVATE PARTNERSHIP)
- 1999 වර්ෂයේදී ස්ථාපිත කෙරුණු මහවැලි පශු සම්පත් හා කෘෂි ව්‍යාපාරික (පුද්) සමාගම, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට පූර්ණ අයිතිය ඇති සමාගමකි. පශු පාලනය, කිරි නිෂ්පාදනය, කෘෂි භෝග වගාව ආදී ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කටයුතු කරමින් ගොවීන්ට අවශ්‍ය දැනුම හා ව්‍යාප්ති සේවාව ලබා දීම මෙම සමාගම පිහිටුවීමේ ප්‍රධාන අරමුණු අතර වේ. දැනට මෙම සමාගම සතු ගොවිපළවල් දෙකක් ගිරාඳුරුකෝට්ටේ හා දම්මින්න ප්‍රදේශවල පිහිටා ඇත. පසුගිය වසර ගණනාවක සිටම පාඩු ලබමින් තිබූ මෙම සමාගම, පසුව සිදු කරන ලද කළමනාකරණයේ වෙනස්කම් සහ අනවශ්‍ය හා නාස්තිකාර වියදම් අඩු කරගැනීම තුළින් අලාභදායී නොවන තත්ත්වයකට පත් කර ගෙන ඇත. එසේ වුවද, ප්‍රාග්ධන වත්කම් හීනවීම හා යන්ත්‍රෝපකරණ ක්ෂය වීම හේතුවෙන් සමාගමේ තිරසරභාවය සඳහා ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයක් තුළින් ඉහත සමාගමේ කටයුතු පවත්වාගෙන යාම පිණිස සුදුසු ආයෝජකයකු තෝරාගැනීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.