• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විගමනික සේවකයන්ගේ ප්‍රයෝජනය සඳහා කතරගම සංචාරක බංගලාව ඉදි කිරීමේ කටයුතු පිළිබඳ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහා සංචාරක නිකේතනයක් රුපියල් මිලියන 141ක ඇස්තමේන්තුගත පිරිවැයකින් කතරගම ප්‍රදේශයේ ඉදි කිරීම පිණිස වන කොන්ත්‍රාත්තුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත ප්‍රදානය කිරීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.