• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ආයතන වෙත උපදේශක සේවා සැපයීම හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- බස්නාහිර පළාත තුළ ද්වීතියීක නගර ආශ්‍රිත අවිධිමත් සංවර්ධනය නිසා සිදු වී ඇති ප්‍රවාහන තදබදය, වාහන නැවැත්වීමේ ස්ථාන නොමැතිකම, මාර්ග ආරක්ෂාව, සෞඛ්‍ය ගැටලු, නිවාස ගැටලු සහ මහජනතාවට සතුටින් හා විවේකීව ගත කිරීම පිණිස ස්ථාන නොමැතිකම යන ගැටලුවලට පිළියම් යෙදීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් 'සුඛිත පුරවර' නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇත. ඒ අනුව 2016 වර්ෂය තුළ රුපියල් බිලියන 6ක ඇස්තමේන්තුගත මුදලකින් බස්නාහිර පළාත තුළ පිහිටා ඇති උපායමාර්ගිකව වැදගත් නගර සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම වැඩසටහන යටතේ හඳුනාගත් කඩිනමින් සිදු කළ හැකි ව්‍යාපෘති නිර්මාණය කර ඉදි කිරීමේ පදනම මත තරගකාරි ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් ඉදි කිරීම් ක්ෂේත්‍රයේ නියුතු රාජ්‍ය හා රජයට අනුබද්ධිත ආයතන වෙත පැවරීමටත්, ඉඩම් අත්පත් කරගැනීම වැනි කල්ගත වන ක්‍රියාවලීන් අදාළ වන ව්‍යපෘතින් විවෘත තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් පෞද්ගලික උපදේශකයන් හා කොන්ත්‍රාත්කරුවන් වෙත පිරිනැමීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.