• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4000 අයියූ මි.ලී.0.4 පෙර පුරවා ඇති සිරින්ජර් 210,000 ක් හා එනොක්සපාරින් සොඩියම් එන්නත් 6000 අයියූ මි.ලී.0.6 පෙර පුරවා ඇති සිරින්ජර් 322,500 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය ප්‍රදානය කිරීම
- 'එනොක්සපාරින් සෝඩියම් එන්නත' (Enoxaparin Sodium Injection) හෘද‍ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේදී භාවිත කෙරෙන අතර, එම එන්නත් මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4000 අයියූ මි.ලී.0.4 පෙර පුරවා ඇති සිරින්ජර් 210,000ක් සහ එනොක්සපාරින් සොඩියම් එන්නත් 6000 අයියූ මි.ලී.0.6 පෙර පුරවා ඇති සිරින්ජර් 322,500ක් මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.