• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශිරාගත නික්ෂේපණ (අයි.වී) භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ග්‍රෑම් 2.5-3.0 වයල්ස් 20,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය ප්‍රදානය කිරීම
- ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේදී අයි.වී භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් (Human Immunoglobulin for IV Use) යොදා ගැනේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අයි.වී භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ග්‍රෑම් 2.5-3.0 වයල්ස් 20,000 ක් මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරය ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.