• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙරපෙනම් ඉන්ජෙක්ෂන් මිලි ග්‍රෑම් 500 (500gm) වයල් 150,000 ක් හා මෙරපෙනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1(1g) වයල් 310,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය ප්‍රදානය කිරීම
- මෙරපෙනම් එන්නත (Meropenem Injection) ආසාදන සඳහා භාවිත කරනු ලබන ප්‍රතිජීවකයක් වන අතර, එම එන්නත මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, මෙරපෙනම් ඉන්ජෙක්ෂන් මිලිග්‍රෑම් 500 වයල් 150,000 ක් හා මෙරපෙනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1 වයල් 310,000 ක් මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරය ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.