• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප‍රිපාලන ප්‍රතිසංස්කරණ සඳහා තිරසර වැඩසටහනක් ආරම්භ කිරීම
- ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මෑතක දී පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක තත්ත්වයට ළඟාවීම සඳහා මධ්‍යකාලීනව අනුගමනය කිරීමට අපේක්ෂිත රජයේ සංවර්ධන සැලැස්ම අනාවරණය කරන ලදී. එකී සැලැස්මෙන් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කාර්යක්ෂම, ක්‍රියාකාරී හා නවීකරණය වූ රාජ්‍ය යන්ත්‍රණයක් පැවතීම අත්‍යවශ්‍ය සාධකයකි. මැත කාලයේදී ආර්ථික සංවර්ධනය අතින් ඉහළ ප්‍රගතියක් ලබා ගෙන ඇති සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල එකී ප්‍රගතියට හේතු වූ එක් ප්‍රධාන සාධකයක් වන්නේ කාර්යක්ෂම හා නවින පරිපාලන යන්ත්‍රණයක් පැවතීමයි. ඒ අනුව එවැනි පරිපාලන යන්ත්‍රණයක් රට තුළ ඇති කිරීම පිණිස අවශ්‍ය පසුබිම සකස් කරන පරිපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා ගත යුතු පියවර නිර්දේශ කිරීම පිණිස විශේෂ කා‍ර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.