• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුණ නැණ බල සපිරි සිසු පරපුරක් ගොඩනැගීම සඳහා වන කේන්ද්‍රීය සපිරි පාසල් පද්ධතියක් ප්‍රතිනිර්මාණය කිරීමේ "ළඟම පාසල හොඳම පාසල" ජාතික වැඩසටහන (2016 - 2020)
- අධ්‍යාපනය ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව ඉහළ නැංවීමේ ක්‍රියාවලිය සඳහා "ගුණ නැණ බලයෙන් පොහොසත් නිර්මාණාත්මක හා සෞන්දර්යාත්මක චින්තනයෙන් යුත් මානව හිතවාදී දරුවකු ගොඩනැගීම උදෙසා, සැමට අධ්‍යාපනයේ සම අවස්ථා ලබාදීම" යන තේමාවෙන් යුත් රජයේ පංචවිධ අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස "ළඟම පාසල හොඳම පාසල "ජාතික වැඩසටහන (2016 - 2020) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් පාසල් එකක් හෝ දෙකක් තෝරා ගෙන පාසල් 650ක් මෙම වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමටත්, මෙම පාසල්වල විදුහල්පතිවරුන් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් සඳහා දේශීය හා විදේශීය පුහුණුව ලබා දී ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය කිරීමටත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.