• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය ශක්තිමත් කිරීම
- පෞද්ගලික වැවිලි සමාගම් 23ක් වෙත බදු දෙනු ලැබ ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට (ජනවසම) සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මහාපරිමාණ වතු 465ක ඉඩම් අයිතිය තවමත් රජය සතුව පවතින අතර, රජය සතු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය මගින් ඉටු කරනු ලැබේ. මෙම ඉඩම්වල වගාවන්වන්හි ඵලදායිතාව හා ගුණාත්මක මට්ටම ඉහළ නැංවීම පිණිස වැවිලි කළමනාකරණ අධීක්ෂණ අංශය ශක්තිමත් කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.