• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය යෝජිත වාණිජ සංකීර්ණය ඉදි කිරීම
- කළුතර නගර මධ්‍ය සංවර්ධන වැඩසටහන යටතේ කඩකාමර 140කින් හා කාර්යාල කාමර 39කින් යුක්තව බස්නැවතුම්පළ හා දුම්රිය ස්ථානය ඒකාබද්ධ කරමින් වාණිජ සංකීර්ණයක් ඉදි කිරීමට යෝජිතය. මේ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 200ක් වේ. මෙම ඉදි කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත පැවරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.