• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිටකොටුව මැනිං වෙළෙඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
- නාගරික සංව‍ර්ධන අධිකාරිය විසින් පිළියෙල කරන ලද කොළඹ නගර සංවර්ධන සැලැස්ම (2008-2020) අනුව කොටුව, පිටකොටුව ප්‍රදේශ ඒකාබද්ධ සංවර්ධන කලාපයක් ලෙස හඳුනා‍ ගෙන ඇත. ඉහත කී සංවර්ධන සැලැස්මට අනුව පැරණි ශාන්ත ජෝන් මාළු වෙ‍ෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කරනු ලැබ ඇති අතර, එළවළු සහ පළතුරු තොග වෙළඳ මධ්‍යස්ථානයද පෑලියගොඩ ප්‍රදේශයට ගෙනයාමටත්, දැනට මැනිං වෙළඳපොළ පවත්වාගෙන යන ප්‍රදේශය පොදු ගමනාගමන පහසුකම් සැපයීම සඳහා යොදා ගැනීමටත් හඳුනාගෙන ඇත. ඒ අනුව දැනට පිටකොටුවේ පවත්වා ගෙන යනු ලබන එළවලු සහ පළතුරු වෙ‍ෙළඳ‍ෙපාළ, නාගරික සංවර්ධන අධිකාරිය සතු පෑලියගොඩ පිහිටි අක්කර 25ක පමණ වන භූමි භාගයක, රුපියල් බිලියන 4ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, සියලු පහසුකම් සහිතව ප්‍රතිස්ථාපනය පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.