• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නීතිවිරෝධී දුම්කොළ නිෂ්පාදන වෙළඳාම තුරන් කිරීමේ සම්මුතිය සඳහා ප්‍රවේශය
- ශ්‍රි ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ මර්දන සම්මුතියට ඇතුළත් වූ ආසියාවේ පළමු රට වන අතර, ලෝකයේ 4 වැනි රට ලෙස 2003 වර්ෂයේදී එකී සම්මුතියේ පාර්ශ්වකරුවෙක් විය. දුම්කොළ නිෂ්පාදන භාවිතය බොහෝ බෝ නොවන රෝග, විශේෂයෙන් හෘද රෝග සඳහා ප්‍රධාන අවදානම් සාධකයක් වේ. මෙරට ලියාපදිංචි කර ඇති බලපත්‍රලාභී දුම්කොළ නිෂ්පාදනවලට අමතරව නීතිවිරෝධී දුම්කොළ නිෂ්පාදන සැලකිය යුතු ප්‍රමාණයක් රට තුළ පවතින බව තහවුරු වී ඇත. ඇතැම් අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් සහ බාලවයස්කරුවන් එවැනි මිල අඩු නීතිවිරෝධී දුම්කොළ නිෂ්පාදන භාවිතය කෙරෙහි නැඹු‍රුවීමක් දක්නට ඇත. එම තත්ත්වය ජනතාවගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් එල්ල කරයි. ඉහත සම්මුතියට ප්‍රවේශ වීම මඟින් නීතිවි‍රෝධී දුම්කොළ වෙළඳාම තුරන් කිරීම සඳහා ඵලදායී මර්දන යන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව නීතිවිරෝධී දුම්කොළ නිෂ්පාදන වෙළඳාම තුරන් කිරීම සඳහා වන සම්මුතියට ප්‍රවේශ වීම (Accession) පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.