• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තිරසර සංවර්ධනය පිළිබඳ පනතක් සකස් කිරීම
- අනාගත පරම්පරාවන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව අහිමි නොකරමින් වර්තමාන අවශ්‍යතාවන් සපුරා ගැනීම 'තිරසර සංවර්ධනය' යන්නෙන් අදහස් කෙරේ. වර්ෂ 2030 වන විට ලෝකයේ සියලුම රටවල් විසින් ළඟා කර ගතයුතු විශේෂයෙන් හඳුනාගත් ක්ෂේත්‍ර සහ අංශ ආවරණය කෙරෙන තිරසර සංවර්ධන අභිමතාර්ථ (Sustainable Development Goals - SDGs) 17 ක් ලෝක ප්‍රජාව විසින් සම්මත කර ගනු ලැබ ඇත. එකී ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයද බැඳී සිටී. ඒ අනුව, තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස අවශ්‍ය කරන ව්‍යවස්ථාපිත විධිවිධාන සැලසීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.