• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව තුළ පරිසරයට අහිතකර ද්‍රව්‍ය හා රසායනික කළමනාකරණය කිරීමේ වැඩසටහන
- ශ්‍රී ලංකාව තුළ උපද්‍රවකාරි රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය කර පරිසරයට හා මානව සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම් අවම කිරීමේ අරමුණ ඇතිව, මූල්‍ය හා ආයතනික කාර්යක්ෂමතාව ළඟා කරගනිමින් පහත සඳහන් ව්‍යාපෘති 04 ඒකාබද්ධ කර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ එක් වැඩසටහනක් ලෙස 2016-2020 කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීමටත්, ව්‍යාපෘති කාර්යයන් මෙහෙයවීමට සහ නිරීක්ෂණය කිරීමට අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යාපෘති මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ‍ශ්‍රී ලංකාව තුළ පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල් (polychlorinated biphenyl) අපද්‍රව්‍ය හා එම රසායනිකය අඩංගු උපකරණ පරිසර හිතකාමී ලෙස කළමනාකරණය හා බැහැර කර ලීමේ ව්‍යාපෘතිය

* රසදිය පිළිබඳ වූ මිනමාටා සම්මුතිය අපරානුමත කිරීම සඳහා පසුබිම ගොඩනැංවීම සහ සම්මුතියේ අරමුණු ඉටු කර ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ව්‍යාපෘතිය

* පොලි‍බ්‍රෝමිනේටඩ් ඩයිෆීනයිල් ඊතර් (polybrominated diphenyl ethers) කළමනාකරණය හා අවම කිරීම සඳහා වූ උපකලාපීය ක්‍රියාත්මක සැලැස්ම සඳහා වූ ව්‍යාපෘතිය

* ශ්‍රී ලංකාව තුළ ඊයම් අම්ල බැටරි පරිසර හිතකාමී ලෙස නිෂ්පාදනය කිරීමේ හා ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ ව්‍යාපෘතිය