• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014/15 මහ කන්නයේදී හා 2015 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගෙන ඇති වී තොග බැහැර කිරීම
- 2015/2016 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන මෙම මාසයේ අවසාන භාගයේදී ආරම්භ කළ යුතු බැවින් හා ඒ සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් සූදානම් කරගත යුතුව ඇති බැවින් දැනට ගබඩා තුළ එක්රැස් කර ඇති වී තොග කඩිනමින් බැහැර කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි හා ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ ගනු ලැබූ තීරණය පරිදි නාඩු වී මෙට්‍රික් ටොන් 54,000 ක් ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යාමටත් මෙට්‍රික් ටොන් 264,180 ක ඉතිරි නාඩු වී තොගය වහාම අලෙවි කිරීමටත් වී අලෙවි මණ්ඩලයට බලය පැවරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සහ එම කරුණට අදාළව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.