• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
- නිවාස හා මානව ජනාවාස සංවර්ධනය සඳහා රජය ඉහළම ප්‍රමුඛතාවක් ලබා දී ඇති අතර, පසුගිය මහමැතිවරණයේදී ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මහජනතාව වෙත ඉදිරිපත් කළ පංචවිධ ප්‍රතිපත්තිය මඟින් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළුව අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා දැරිය හැකි මිලකට නිවාස ඒකක 500,000 ක් නාගරික හා තදාසන්න ප්‍රදේශයන්හි ඉදි කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් දියත් කිරීමට ප්‍රතිඥාවක් ලබා දෙන ලදී. ඒ අනුව, මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.