• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 වසරේ ජනවාරි මස 11 වන දින සිට 13 වන දින දක්වා බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුවේ (SACOSAN) හයවන සැසිවාරය
- සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුව (SACOSAN) දෙවසරකට වරක් සාක් රටවල්වල පවත්වනු ලබයි. දකුණු ආසියාවේ සනීපාරක්ෂාව හා ස්වස්ථතාව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම මෙහි අරමුණයි. එසේම කලාපයේ වඩාත් යහපත් සනීපාරක්ෂාවක් පවත්වා ගැනීම කෙරෙහි දේශපාලනික සහාය ලබාගැනීමද ඉන් අපේක්ෂා කෙරේ. මෙම සමුළුවේ 06 වැනි සැසිවාරය 2016 ජනවාරි මාසයේ 11 වන දින සිට 13 වන දින දක්වා බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවට රජයේ නිලධා‍රින්, සංවර්ධන හවුල්කරුවන්, සිවිල් සංවිධාන හා පාසල් ළමුන් ඇතුළුව කණ්ඩායමක් සහභාගි කරවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවට නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.