• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය සඳහා රාජ්‍ය සේවයේ නිලධාරින් අන්තර්ග්‍රහණය කිරීම
- 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්ථාපිත කරන ලද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු අනෙකුත් සාමාජිකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පත් කරන ලද අතර එකී කොමිෂන් සභාව 2015-11-17 වන දින සිට ක්‍රියාත්මකව පවතී. එම කොමිෂන් සභාව සඳහා පැවැරී ඇති කාර්යභාරය ඉටු කිරීම පිණිස එකී කොමිෂන් සභාව ස්ථාපිත කරන අවස්ථාව වන තෙක් ක්‍රියාත්මක වූ මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවය කළ කාර්ය මණ්ඩලය එම කොමිෂන් සභාව වෙත අනුයුක්ත කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.