• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිරිඳිඔය මහා වාරිමාර්ග ව්‍යාපාරයේ නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- කිරිඳිඔය මහා වාරිමාර්ග ව්‍යාපාරයේ නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය පිහිටි ඉඩම් ලුණුගම්වෙහෙර බස් නැවැතුම්පොළ ඉදි කිරීම සඳහා‍ පවරා ගැනීම හේතුවෙන් එකී කාර්යාලය එම ප්‍රදේශයේ වෙනත් ස්ථානයක ස්ථාන ගත කළ යුතුව ඇත. ඒ අනුව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩමකින් නිදහස් කරන ලද පර්චස් 80 ක පමණ බිම් කොටසක එකී කාර්යාලය ඉදි කිරීමටත්, ඊට අදාළ ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය යටතේ වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ප්‍රදානය කිරීමටත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.