• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
චීන රජයේ ආධාර යටතේ තෝරාගත් රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
- ප්‍රමුඛතාව මත හා කඩිනමින් අවශ්‍ය වෛද්‍ය උපකරණ, වෛද්‍ය උපකරණ නොවන අනෙකුත් උපකරණ, වෙනත් උපයෝගිතා උපකරණ සහ යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල පිහිටි රෝහල්වලට ලබා දීම මඟින් සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමටත්, සෞඛ්‍ය සේවාවන්ගේ සාධාරණත්වය තහවුරු කිරීමටත් ඉහත ව්‍යාපෘතිය යටතේ හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි, හඳුනාගත් රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.