• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන 2016-2020
- ප්‍රධාන වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේද, ඊට යාබද අනෙකුත් දිස්ත්‍රික්වලද වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන 2016-2020 පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ ය‍ටතේ ප්‍රමුඛ හා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ලෙස හඳුනාගෙන ඇති පානීය ජලය, මහාමාර්ග, දුම්රිය මාර්ග, කෘෂිකර්මය හා වාරිමාර්ග යනාදී ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපෘති සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර ඇති අතර, ඒ අනුව ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.