• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් මුදා හැරීම
- සංහිඳියාව සහ කල්පවත්නා සාමය ගොඩනැංවීමේදී ගැටුම් හේතුවෙන් අභ්‍යන්තරික වශයෙන් අවතැන්ව සිටින ජනතාව ඔවුන්ගේ මුල් ගම්බිම්වල නැවත පදිංචි කරවීම ඉතා වැදගත් වේ. එය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ (LLRC) නිර්දේශ මඟින්ද අවධාරණය කර ඇත. සිය ඉඩම් නැවත පදිංචි වීම සඳහා මුදාහැර නොතිබීම හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සැලකිය යුතු පවුල් සංඛ්‍යාවක් තවමත් සුබසාධක මධ්‍යස්ථානවල හෝ සිය මිතුරන් හෝ ඥාතින් සමඟ වාසය කරති. ඒ අනුව, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන ඉහත සඳහන් පවුල් නැවත පදිංචි කිරීම සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති ඉඩම්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි ක්‍රමානුකුලව මුදාහැරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.