• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතු කම්කරුවන්ගේ සුබසාධනය සැලසීම සඳහා ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම
- වතු ජනාවාස සඳහා අවශ්‍ය පොදු උපයෝගිතා සැපයීම අරමුණු කර‍ගෙන රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම සඳහා දැනට පවතින නීතිමය බාධාවන් ඉවත් කිරීම දැඩි අවශ්‍යතාවක්ව පවතින බව හඳුනාගෙන ඇත. ඒ අනුව, වතු ජනාව‍ාස සඳහා අවශ්‍ය පොදු උපයෝගීතා සේවාවන් සැපයීමට ප්‍රාදේශීය සභා අරමුදල යොදාගැනීමේ හැකියාව සැලසෙන පරිදි 1987 අංක 15 දරන ප්‍ර‍ාදේශීය සභා පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.