• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෙළඳාම් පහසුකරණය
- නාවික වෙළඳ කේන්ද්‍රයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අපේක්ෂාව සාක්ෂාත් කරගැනීමේදී රේගු සහ ජාත්‍යන්තර වෙළඳාමට අදාළ අනෙකුත් කාර්යපටිපාටි විධිමත් ලෙස පවත්වාගෙන යාම අතිශය වැදගත් වේ. භාණ්ඩ ආනයනය සහ අපනයනයට අදාළ රේගු නිෂ්කාශනය හා රටවල්වල දේශසීමාවලදී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටි තවදුරටත් කඩිනම් හා පහසු කිරීමේ අරමුණින් යෝජිත වෙළඳ පහසුකම්කරණ ගිවිසුමේ අවසන් කෙටුම්පත 2013 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේදී පවත්වන ලද ලෝක වෙළඳ සංවිධානයේ 09 වැනි අමාත්‍ය සමුළුවේදී සම්මත කරන ලදී. එම ගිවිසුම ලෝක වෙළඳ සංවිධානය ස්ථාපිත කරනු ලැබ ඇති මරකේෂ් (Marrakesh) ගිවිසුමට ඇතුළත් කිරීම පිණිස එම සංවිධානයේ සාමාජිකයින් විසින් 2014 නොවැම්බර් මාසයේදී සංශෝධිත සන්ධාන ගිවිසුම සම්මත කර ගන්නා ලද අතර එකී ගිවිසුම සාමාජික රාජ්‍යයන් විසින් අපරානුමත කළ යුතු වේ. ඒ අනුව එකී ගිවිසුම අපරානුමත කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.