• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ දෙවන කොටස (බෙලිඅත්ත සිට වැටිය දක්වා කොටස) ඉදි කිරීමේ ව්‍යාපෘතිය
- දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය මාතර සිට හම්බන්තොට දක්වා දිවෙන අතර එය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වේ. එම මාර්ගයේ මුළු දිග කිලෝමීටර 96 කි. බෙලිඅත්ත සිට වැටිය දක්වා කිලෝමීටර 26 කින් යුක්ත වන එහි දෙවන කොට‍ෙස් ඉදි කිරීම් කටයුතු සඳහා අවශ්‍ය අරමුදල්වලින් 85%ක් වන එක්සත් ජනපද ඩොලර් මිලියන 360.29 ක් වරණීය ගැනුම්කරුගේ ණය පහසුකම (Preferential Buyer Credit) යටතේ චීනයේ අපනයන ආනයන බැංකුව (EXIM Bank of China) වෙතින් ලබාගැනීමටත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 63.58 ක් වන ඉතිරි 15%ක අරමුදල් හැටන් නැෂනල් බැංකුව වෙතින් ලබාගැනීමටත් අදාළ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.