• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සේවක අර්ථසාධක අරමුදලේ 30% ගෙවීම් ව්‍යාපෘතියේ ප්‍රගතිය
- 2012 අංක 2 දරන පනත මඟින් සංශෝධිත 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ විධිවිධාන අනුව, නිවාස කටයුතු හා වෛද්‍ය පහසුකම් සඳහා සේවක අර්ථසාධක අරමුදලින් 30%ක පූර්ව ප්‍රතිලාභ නිදහස් කිරීම 2015 වර්ෂය මැද භාගයේදී ආරම්භ කරන ලදී. එසේ ප්‍රතිලාභ ලබාගැනීම පිණිස මේ දක්වා අයදුම්පත් 70,269ක් ලැබී ඇති බවටත්, ඒ අතුරින් අයදුම්පත් 7,537 ක් වෙනුවෙන් රුපියල් බිලියන 5.5ක මුදලක් මේ වන විට නිදහස් කර ඇති බවටත්, ඉතිරි අයදුම්පත් සඳහා නොපමාව ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරමින් සිටින බවටත්, ඉදිරියේදී මෙම ක්‍රියාවලිය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවටත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.