• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තිස්සමහාරාම ජල සම්පාදන යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ යෝජනාවක් පරිදි රුපියල් මිලියන 393ක පිරිවැයකින් තිස්සමහාරාම ජල සම්පාදන යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2015-11-18 වන දින අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ වන, ජල සම්පාදන ජලාපවහන මණ්ඩලයේ විෂය පථයට අයත් වැඩ කොටස් එම මණ්ඩලය විසින් සිදු කිරීමටත්, අනෙකුත් ඉදි කිරීම් කටයුතු රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙත පැවරීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.