• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා පාකිස්තාන රජය අතර අත්සන් කිරීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුම්
- 2016 වර්ෂයේ ජනවාරි මස මුල් සතියේදී සිදුකිරීමට නියමිත පාකිස්තාන රජයේ ගරු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පහත සඳහන් ගිවිසුම් අත්සන් තැබීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය (ආචාර්ය) හර්ෂ ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ පාකිස්තානු ඉස්ලාමීය ජනරජයේ තරුණ කටයුතු අමාත්‍යාංශය අතර තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුම.

* පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර සංඛ්‍යාන හා සංගණන දත්ත හුවමාරු කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම.

* ශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ පාකිස්තානයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.

* ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම සහ පාකිස්තාන විද්‍යා පදනම අතර විද්‍යාත්මක හා තාක්ෂණවේදී සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුම.

* පාකිස්තානයේ වෙළඳ සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය අතර වන අව‍බෝධතා ගිවිසුම.

* ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ ගිවිසුම.

* ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සංස්කෘතික ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.

* ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය සහ පාකිස්තානයේ මෝස්තර සහ නිර්මාණ ආයතනය අතර වන අවබෝධතා ගිවිසුම.

* මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට අදාළ මූල්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමේ සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වන අවබෝධතා ගිවිසුම.

* මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම හා නිවාරණය කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වන අවබෝධතා ගිවිසුම.