• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම, ස්ථාපනය කිරීම සහ පවරා දීම
- කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි වර්තමානයේ භාවිත කරන ගුවන් ගමන් කළමනාකරණ පද්ධතිය ගුවන් තොටු‍ෙපාළ කේන්ද්‍ර කොට ගෙන ඉහළ ගුවන්යානා ඝනත්වයක් ඇති ගුවන් අවකාශය තුළ පියාසර කරන ගුවන් ගමන් පාලනය සඳහා භාවිත කරයි. වර්තමානයේ පවතින අවශ්‍යතාවලට සරිලන පරිදි හා ගුවන් තොටුපොළ වටා වූ ගුවන් ගමන් පාලන කලාපයේ ගුවන් ගමන් සුරක්ෂිතව සිදු කිරීම සඳහා රුපියල් මිලියන 320ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම, ස්ථාපනය සහ පවරාදීම සඳහා අන්තර්ජාතික ලංසු කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.