• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමථකරණය සඳහා අනිවාර්යයෙන් යොමු කළ යුතු ආරවුල්වල මූල්‍ය සීමාව ඉහළ නැංවීම
- 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනතේ 7 (අ) වගන්තිය මඟින් සමථකරණය සඳහා වටිනාකම රුපියල් 25,000/- නොඉක්මවන චංචල හෝ නිශ්චල දේපළ හෝ ණය, අලාභ හෝ ඉල්ලීම් සම්බන්ධ ආරවුල් අනිවාර්යයෙන් සමථ මණ්ඩලය වෙත යොමු කළයුතු බව දක්වා ඇත. 2011 අංක 4 දරන සමථ මණ්ඩල සංශෝධන පනත මඟින් එම අනිවාර්ය සීමාව රුපියල් 250,000/- දක්වා ඉහළ දමන ලද අතර, මෙම මුල්‍ය සීමාව වර්තමාන අවශ්‍යතා අනුව රුපියල් 500,000/- දක්වා ඉහළ දැමීම පිණිස සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය (අචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.