• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අපරානුමත කිරීම (Ratification)
- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට සහ මානව අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුම්වලට අනුකුලව, 'ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය' (The International Convention on the Rights of Persons with Disabilities) 2006 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ගනු ලැබ ඇත. ශ්‍රී ලංකාව 2007 වර්ෂයේදී එම සම්මුතියට අත්සන් තබා ඇති අතර, එම සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම මෙරට වෙසෙන ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසිද්ධිය උදෙසා ඉතා වැදගත් වන බව සැලකිල්ලට ගෙන, එකී සම්මුතිය අපරානුමත කිරීම (Ratification) පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.