• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාරිසරික සංවේදී භූමි ප්‍රදේශවල ජෛව විවිධත්ව සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම හා පරිසර පද්ධති සේවා නඩත්තුව පිළිබඳ ව්‍යාපෘතිය
- 'ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී භූමි ප්‍රදේශවල ජෛව විවිධත්ව සංරක්ෂණය, ප්‍රවර්ධනය කිරීම හා පාරිසරික පද්ධති සේවා නඩත්තු කිරීම පිළිබඳ ව්‍යාපෘතිය‍', එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (United Nations Development Programme - UNDP) හා ගෝලීය පාරිසරික පහසුකම (Global Environment Facility - GEF) මඟින් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කර ඇති අතර, එහි මූලික අරමුණ වනුයේ පාරිසරික වශයෙන් ඉහළ වැදගත්කමක් සහිත ප්‍රදේශවල සිදු කරනු ලබන සංවර්ධන කාර්යයන් ජෛව විවිධත්වය හා පාරිසරික පද්ධතිවල සේවාවන් සංරක්ෂණය වන ආකාරයට ක්‍රියාත්මක කෙරෙන බව තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස පාරිසරික සංවේදී ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සහ එවන් ක්‍රමවේදයන් ස්ථාපිත කර පවත්වාගෙන යාම සඳහා නියමු ප්‍රදේශ දෙකක් හඳුනාගැනීමයි. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 2.62ක ප්‍රදාන ආධාර උපයෝගී කරගනිමින් වසර පහක කාලයක් තුළ පහත සඳහන් නියමු ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* කලාවැව පරිසර සංවේදී භූමි ප්‍රදේශය - අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ඉපලෝගම, පලාගල, කැකිරාව හා ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.

* විල්පත්තු පරිසර සංවේදී භූමි ප්‍රදේශය - පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.