• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත ධීවර වරාය ව්‍යාපෘතිය - මිරිස්ස
- දකුණු ‍‍‍‍ පළාතේ පිහිටි ප්‍රධාන ධීවර වරායක් වන මිරිස්ස ධීවර වරාය, හරිත ධීවර වරායක් බවට පත් කිරීම තුළින් එම වරාය ආශ්‍රිත ධීවර හා සංචාරක කර්මාන්තවල තිරසර බව ගොඩනැඟීමේ අරමුණින්, සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය විසින් සකස් කරන ලද 'හරිත ධීවර වරාය' ව්‍යාපෘතිය රුපියල් මිලියන 30.4ක දේශීය අරමුදල් ආයෝජනයකින් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.