• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොමිෂන් සභාවන්හි සභාපතිවරුන් හා සාමාජිකයින් වෙත ගෙවනු ලබන පාරිශ්‍රමිකයන් හා වෙනත් දීමනා
- දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කරන ලද කොමිෂන් සභාවල සභාපතිවරුන් හා සාමාජිකයින්ට පූර්ණකාලීනව එම කොමිෂන් සභාවල කටයුතුවල නිරත වීමට හැකි වන අයුරින් ප්‍රමාණවත් පාරිශ්‍රමික හිමිකම් ඔවුන්ට ලබා දීම සඳහා දැනට ගෙවනු ලබන එකී පාරිශ්‍රමික සංශෝධනය කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.