• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ නිලධරයන්ට විදේශ ගමන් යාම සඳහා අනුමැතිය ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග
- ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ විධිවිධාන ප්‍රකාරව, රාජ්‍ය සේවයේ, පළාත් සභා සේවයේ හා රාජ්‍ය සංස්ථාවන්හි විධායක ශ්‍රේණිවලට අයත් වන නිලධාරින් කිසියම් රාජකා‍රි කටයුත්තකට විදේශගත වන්නේ නම්, දිවයිනෙන් බැහැර වීමට ප්‍රථම අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු වේ. ඊට අදාළව අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත දෛනිකව විශාල අයදුම්පත් සංඛ්‍යාවක් ලැබෙන අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත වර්තමානයේ පැවරී ඇති පුළුල් කාර්යභාරය සැලැකිල්ලට ගැනීමේදී අදාළ නිලධාරින්ගේ විදේශ නිවාඩු සිය අනුමැතිය පිණිස යොමු කිරීම ප්‍රායෝගික නොවන බව නිරීක්ෂණය වී ඇත. එබැවින් එම නිලධා‍රින් දිවයිනෙන් බැහැර වීමට ප්‍රථම ලබාගත යුතු අවසරය ප්‍රමාදයකින් තොරව හා පහසුවෙන් ලබාගැනීමට හැකි වන පරිදි ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් ආයතන සංග්‍රහයට යෝග්‍ය සංශෝධන සිදු කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.