• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීම
- දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා වශයෙන් සැලකෙන පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සඳහා පාවහන් ලබා දීමේ වැඩසටහන යටතේ පාවහන් යුගල 640,000ක ප්‍රමාණයක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 640ක ඇස්තමේන්තුගත මුදලකට මිලදී ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.