• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන
- හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා ප්‍රංශ සංවර්ධන ආයතනය (AFD) විසින් ඇමෙරිකන් ඩොලර් මිලියන 53.91 ක් සපයනු ලබයි. මෙම වැඩසටහන ප්‍රධාන කොටස් 5 ක් යටතේ ක්‍රියාත්මක වන අතර සම්ප්‍රේෂණ යටිතල පහසුකම් ධාරිතාව වැඩි කිරීම ඒ යටතේ ක්‍රියාත්මක වන එක් ප්‍රධාන ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතිය යටතේ සම්ප්‍රේෂණ රැහැන් ඉදි කිරීම පිණිස වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ ප‍රිදි ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.