• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - කඩවත සිට කොස්සින්න දක්වා (කි.මී.0+500-කි.මී.4+540) කොටසෙහි ඉදි කිරීම් වැඩ ක්‍රියාත්මක කිරීම සඳහා ණය පහසුකම් ලබාගැනීමේ ඇති හැකියාව සොයා බැලීම සහ METALLURGICAL CORPORATION OF CHINA (MCC) වෙතින් යෝජනා ලබාගැනීම සඳහා අනුමැතිය ලබාගැනීම
- මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි - කඩවත සිට කොස්සින්න දක්වා මාර්ග කොටසෙහි ඉදි කිරීම් වැඩ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගැනීමේ ඇති හැකියාව සොයා බැලීමට සහ METALLURGICAL CORPORATION OF CHINA (MCC) වෙතින් තාක්ෂණික හා මූල්‍ය යෝජනා ලබාගැනීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.