• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - පින්නදූව සිට ගොඩගම දක්වා වන දකුණු දිග කොටස ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතියේ ඉති‍රි ප්‍රතිපාදනවලින් හදුනාගත් නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වන පින්නදූව සිට ගොඩගම දක්වා වන දකුණු දිග කොටස ඉදි කිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් අරමුදල් සපයන ලද අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව තවදුරටත් රුපියල් බිලියන දෙකකට ආසන්න මුදලක් ඉතිරිව පවති. එම මුදල භාවිත කොට අධිවේගී මාර්ගයට පිවිසෙන මාර්ග සහ පාලම් වැඩිදියුණු කිරීමටත්, අධිවේගී මාර්ගයේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය විශේෂිත වාහන මිල දී ගැනීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.