• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සඳහා ගුවන් තොරතුරු කළමනාකරණ පද්ධතියක් සැපයීම, ස්ථාපනය සහ පවරා දීම
- ශ්‍රී ලංකාව සතු ගුවන් තොරතුරු කලාපය සඳහා අදාළ ගුවන් ගමන් පාලනය කිරීමට අවශ්‍ය වන සියලු තොරතුරු ජනනය කිරීම, බෙදා හැරීම සහ අනෙකුත් ගුවන් කලාපවලින් අදාළ තොරතුරු ලබාගැනීම සඳහා 'ගුවන් දත්ත කළමනාකරණ පද්ධතිය' භාවිත කෙරේ. එහෙත් මේ වන විට මෙම පද්ධතිය වර්තමාන අවශ්‍යතාවන් හා නොගැළපෙන බව පෙනි ගොස් ඇත. දෛනිකව පාලනය කළ යුතු තොරතුරු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර, නියමිත පද්ධති සහාය නොමැති වීම අදාළ තොරතුරුවල ගුණාත්මක බව අඩු වීමට හා දෝෂ ඇති වීමේ සම්භාවිතාව වැඩි වීමට හේතු වන බැවින්, ගුවන් තොරතුරු කළමනාකරණ පද්ධතියක් සපයා ස්ථාපනය කර පවරා දීම සඳහා අන්තර්ජාතික තරඟකාරී ලංසු කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.