• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වඩාත් කාර්යක්ෂම හා සුවපහසු පොදු ප්‍රවාහන සේවයක් මහජනතාවට ලබාදීමේ අරමුණින් දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා බස්රිය - හා දුම්රිය ඒකාබද්ධ සේවාවන් වර්ධනය කිරීම සඳහා ඉන්දියානු ණය ආධාර ක්‍රමය යොදා ගැනීම
- ප්‍රධානතම පොදු ප්‍රවාහන සේවා මාධ්‍යයක් වන දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දුම්රිය එන්ජින් හා මැදිරිවල පැරැණි බව හේතුවෙන් සුවපහසු, ආරක්ෂිත හා කාර්යක්ෂම සේවයක් මගී ජනතාවට ලබා දීමට නොහැකි වී ඇත. මේ වන විට පවතින දුම්රිය එන්ජින්වලින් 50%කට වැඩි ප්‍රමණයක් වසර 30 කට වඩා පැරණි වන අතර මගී මැදිරි 550 ක් වසර 25 කට වඩා පැරණිය. මෙම කරුණු සැලකිල්ලට ගෙන උතුරු දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යපෘතිය යටතේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය මඟින් ලබාගත් අරමුදල්වලින් තවදුරටත් ඉතිරිව පවතින ඇමෙරිකන් ඩොලර් මිලියන 40ක අරමුදල් භාවිතා කොට දුම්රිය එන්ජින් හා දුම්රිය මැදිරි මිල දී ගැනීමටත්, දුම්රිය සංඥා පද්ධති නවීකරණය කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.