• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තුවේ පවතින ශබ්ද පද්ධතිය, සී.සී.ටී.වී කැමරා පද්ධතිය, ප්‍රධාන ඔරලෝසු පද්ධතිය සහ දුරකථන හුවමාරුව වෙනුවට අලුත් පද්ධති සවිකිරීම
- පාර්ලිමේන්තුවේ දැනට පවතින ශබ්ද පද්ධතිය, සී.සී.ටී.වී කැමරා පද්ධතිය, ප්‍රධාන ඔරලෝසු පද්ධතිය සහ දුරකථන හුවමාරුව යල්පැන ගිය තත්ත්වයේ පවතින බැවින්, ඒවායින් අපේක්ෂිත විශ්වසනීය සේවය නොලැබෙන තත්ත්වයකට පත්ව ඇත. එබැවින් රුපියල් මිලියන 400ක ඇස්තමේන්තුගත පිරිවැයකින් එම පද්ධති නැවත සවිකිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.