• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු පළාතේ ඡන්ද විමසීම කල් තබන ලද පළාත් පාලන ආයතන දෙකෙහි මැතිවරණය සඳහා ඉදිරිපත් වූ රජයේ නිලධාරින්හට සහන සැලසීම
- උතුරු පළාතේ පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා 2011 ජනවාරි මාසයේදී නාම යෝජනා භාරගත් නමුත්, අදාළ ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීම අවසන්ව නොතිබු බැවින් හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද වාරණ නියෝගය හේතුවෙන් එකී ඡන්ද විමසීම කල් තැබීමට සිදු වී ඇත. මෙම ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර දී ඇති අපේක්ෂකයින් අතර රජයේ සේවකයින්ද සිටින අතර ඡන්දය නොපැවැත්වීම හේතුවෙන් ඔවුන්ට සිය සේවා ස්ථානවල සේවයට වාර්තා කිරීමට නොහැකිව වැටුප් රහිත නිවාඩු මත රැඳී සිටිමට සිදුව ඇත. මෙම තත්ත්වය එම නිලධාරින්ගේ පාලනයෙන් බැහැර කරුණු හේතුවෙන් පැනනැඟී ඇති හෙයින් ඔවුන් අවසන් වරට සේවය කළ සේවා ස්ථානවල සේවයට වාර්තා කිරීමට අවසර ලබා දීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.