• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතිගරු ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය නිමිති කොට ගෙන දිස්ත්‍රික්ක 25හි නිවාස 3,000 බැඟින් කපරාරු කිරීම
- අතිගරු ජනාධිපතිතුමා පදවි ප්‍රාප්ත වී වසරක් පිරීම නිමිත්තෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි එක් දිස්ත්‍රික්කයකින් නිවාස 3,000ක් බැඟින් තෝරා ගෙන නිවාස 75,000 ක් සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය ලබාදී එම නිවාස කපරාරු කිරීමට සහාය වීම පිණිස දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.