• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතරමැදි කන්නයේ මුං ඇට නිෂ්පාදනයට තරගකාරී මිලක් ඇති කිරීම සඳහා රජයේ මැදිහත් වීම
- අපගේ වාර්ෂික දේශීය මුං ඇට අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 26,000ක් පමණ වන අතර, මුං ඇට ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 851ක් වැය වේ. මෙම ආනයන පිරිවැය අවම කර ගැනීම පිණිස ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ 2015 වර්ෂයේ අතරමැදි කන්නයේදී මුං වගාව සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. අනුරාධපුර, මන්නාරම, කුරුණෑගල, මොනරාගල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ගොවීන් විසින් මුං ඇට මෙට්‍රික් ටොන් 3,200ක් පමණ නිෂ්පාදනය කර ඇති අතර, දැනට වෙළඳපොළේ මුං ඇට කිලෝග්‍රෑම් එකක් රුපියල් 120.00 - රුපියල් 140.00 අතර මිලකට අලෙවි වන අතර, එම මිල නිෂ්පාදන වියදමට සාපේක්ෂව ප්‍රමාණවත් නොවේ. එබැවින් ගොවීන් දිරිගැන්වීමේ අරමුණින් මුං ඇට කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 180.00 බැගින් මිල දී ගැනීම පිණිස රුපියල් මිලියන 50ක උපරිමයකට යටත්ව අවශ්‍ය ප්‍රතිපාදන අත්තිකාරමක් වශයෙන් ගොවි භාරකාර අරමුදල මඟින් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.