• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLR&DC) විසින් 2016 වර්ෂයේදී සිදු කිරීමට නියමිත ගංවතුර වැළැක්වීමේ විශේෂ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා අනුමැතිය ලබාගැනීම
- කොළඹ අගනගරය ආශ්‍රිත ප්‍රදේශයන්හි ගංවතුර අවදානම අඩු කිරීම සඳහා සහ පරිසර තිරසර නාගරීකරණයක් සහතික කිරීම පිණිස ගංවතුර වැළැක්වීමේ විශේෂ ව්‍යාපෘති කිහිපයක් 2016 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සැලසුම් කර ඇත. ඒ යටතේ අධික ජෛව විවිධත්වයක් සහිත මුතුරාජවෙල වගුරුබිම සංරක්ෂණය කිරීමත් කොළඹ නගරයෙන් බැහැර ගංවතුර වැලැක්වීම අරමුණු කරගෙන කළුඔය වැසි ජල අපවහන සහ පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමත් සිදු කිරීමට නියමිතය. ඒ අනුව 2016 වර්ෂයේදී රුපියල් මිලියන 3878ක ඇස්තමේන්තුගත වියදමකින් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.