• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැනට භාවිත වන ජාතික හැඳුනුම්පත වෙනුවට නව ජාතික හැඳුනුම් පතක් නිකුත් කිරීමට අදාළව රෙගුලාසි සංශෝධනය කිරීම
- පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් දැනට නිකුත් කරනු ලබන හැඳුනුම්පත භාවිතයේදී විවිධ ගැටලු හා අසීරුතා පැනනැ‍ඟෙන බව පෙනී ගොස් ඇත. එම නිසා ඒ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රමිතීන් සැලැකිල්ලට ගෙන අදාළ පුද්ගලයාගේ ‍ජෛවමිතික තොරතුරුද ඇතුළත් කළ හැකි අයුරින් ජාතික පුද්ගල දත්ත පද්ධතියක් ස්ථාපනය කොට ආරක්ෂිත විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදළ විධිවිධාන සැලසීම පිණිස දැනටමත් අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතියි. ඒ අනුව 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන පරිදි එම ක්‍රියාවලියට අදාළව රෙගුලාසි පැනවීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.