• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 අංක 01 දරන දිවිනැඟුම පනතට සමෘද්ධි නාමය යෙදීම
- ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය, උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව හා සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව යන ආයතන ඒකාබද්ධ කොට 2013 වර්ෂයේදී දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදී. එහෙත් දිළිඳුකම පිටු දැකීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක කරන ලද සමෘද්ධි වැඩසටහන හේතුවෙන් ජනතාව අතර ප්‍රචලිතව හා පිළිගැනීමට ලක්ව ඇත්තේ 'සමෘද්ධි' යන නාමයයි. එසේම එම වැඩසටහන යටතේ සංවිධානය වී ඇති කුඩා කණ්ඩායම්, සමිති, මහා සංගම් හා වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන ගම් මට්ටමේ නිලධාරින් 'දිවිනැඟුම' යන නාමය වෙනුවට 'සමෘද්ධි' යන නාමය යොදන ලෙස කරනු ලබන ඉල්ලීම් සැලකිල්ලට ගෙන 'දිවිනැඟුම' යන්න වෙනුවට 'සමෘද්ධි' නාමය ආදේශ කිරීම පිණිස 2013 අංක 1 දරන දිවිනැඟුම පනත සංශෝධනය කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.