• Increase font size
  • Default font size
  • Decrease font size

2015-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ මාර්ගයේ ධාවනය සඳහා දුම්රිය යන්ත්‍ර හා මැදිරි අවශ්‍යතාව
- දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය යන්ත්‍ර ඇණියේ 50%ක් දැනටමත් වසර 30ක ආර්ථිකමය ආයු කාලය ඉක්මවා ඇති අතර, විශ්වසනීය හා කාර්යක්ෂම සේවාවක් සැපයීම පිණිස නව එන්ජින් යන්ත්‍ර එකතු කිරීමත් අනාර්ථික එංජින් ක්‍රමානුකූලව ඉවත් කිරීමත් සිදු කළ යුතුව ඇත. මේ සඳහා 2014 වර්ෂයේදී පත් කරන ලද නිලධාරි කමිටුවක් විසින් වසර 10ක කාලයක් සඳහා වන ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ අනුව ඉහළ දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා නව දුම්රිය එංජින් 12ක් සහ බලවේග කට්ටල 09ක් මිල දී ගැනීමට අදාළ පියවර ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.